May 06, 2024

සන්ධාන මන්ත්‍රී බහුතරයක් අය-වැයට විරුද්ධයි 

November 29, 2015

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක්‌ ආණ්‌ඩුවේ අය-වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ආණ්‌ඩුව ඉදිරිපත් කළ අය-වැයේ පවතින ප්‍රෝඩාකාරී කරුණු හා වැරදි ප්‍රතිපත්ති පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව ඔහුද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට රිසිසේ ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදී ඇතැයිද ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ සඳහන් කළේය.

මේ අනුව විපක්‌ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 37 දෙනෙක්‌ පමණ හා එජනිසයට අයත් සෙසු පක්‌ෂවල මන්ත්‍රීවරු සියලු දෙනාම එකතුව මෙවර අය-වැයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ.

වත්මන් ආණ්‌ඩුවේ මුල්ම අය-වැය වන මෙම අය-වැය ජනතාවට දැඩි ලෙස අහිතකරව බලපාන බවත් කිසිදු ක්‍ෂේත්‍රයකට සහනයක්‌ නොලැබෙන බවත් ලබන වසරේ මුල් කාර්තුව වනවිට මෙහි බලපෑම දැනෙනු ඇති බවත් එම මන්ත්‍රීවරයා පැවසී ය.

අය- වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ලබන 02 වැනිදා සිදු කිරීමට නියමිතය.

Rate this item
(0 votes)