May 06, 2024

ගල් ගසා මරා දැමීමට නියමවූ මරදානේ කත බේරා ගැනීමට තවදුරටත් අවධානය

November 28, 2015

සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වූ ලාංකික කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් තවදුරටත් දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් පවසයි. 

පසුගිය සතිය තුළ සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස සොයා බැලීමක් සිදුකළ බව තානාපතිවරයා සඳහන් කළේය.

අනියම් සබඳතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් වැරදිකාරියක වීම නිසා සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වූ ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අභියාචනයක් ඉදිරිපත් කෙරිණි.

මරදානේ පදිංචි සිද්ධියට සම්බන්ධ මෙම කාන්තාව විවාහක තැනැත්තියක් වන අතර, ඇය සමග සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික අවිවාහක තරුණයාටද කස පහර ලබාදීමට සෞදි අධිකරණය නියෝග කර තිබේ.

Rate this item
(0 votes)