May 06, 2024

මීගමුවේ ලන්දේසී කුලුන කඩා වැටෙයි

November 28, 2015

මීගමුව කඳවල ප්‍රදේශයේ ලන්දේසීන් විසින් ඉදිකර තිබූ අඩි 150ක් පමණ උසකින් යුත් කුලුනක් අද (28) කඩා වැටී තිබේ. 

1796 වසරේ දී මෙම කුලුන ඉදිකර ඇත්තේ සන්නිවේදන කටයුතු හා මැනුම් කටයුතු සඳහා බව වාර්තා වේ.

කඩා වැටුණු කුලුන පරීක්ෂා කිරීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය හා මන්ත්‍රී රජිත හපුආරච්චි යන මහත්වරු එම ස්ථානයට ගොස් තිබේ.

Rate this item
(0 votes)