May 06, 2024

අල්ලස් ගත් පොලිස් ලොක්කෙක් රිමාන්ඩ්

November 28, 2015

ලක්ෂ 25 ක අල්ලසක් ලබා ගැනීමට කටයුතු කළ බව කියන නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව එළැඹෙන 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය දින ලක්ෂ 25 ක අල්ලසක් ලබා ගැනීමට කටයුතු කළ බව කියන නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27) 03.30 ට පමණ කොහුවල ප්‍රදේශයේ දී මොහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

වෛද්‍යවරයෙකු විසින් කළ වරදකට නඩු නොපවරා සිටීමට ලක්ෂ 25 ක මුදලක් අවශ්‍ය බව සැකකාර පොලිස් නිලධාරියා විසින් මීට පෙරාතුව සඳහන් කර ඇති අතර ඒ අනුව එම මුදල ලබා ගන්නා අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

 

Rate this item
(0 votes)