May 16, 2024

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙයි 

November 29, 2015

ඉදිරි දින කිහිපය තුළ වර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සූදානම්වන බව වාර්තා වේ.

පසුගිය දා රැස් වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ තිබේ.

ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ගේ සහන වාහන බලපත්‍රය අහිමි කිරීම සහ රජයේ සේවකයන්ට මූලික වැටුප් සංශෝධනයක් ලබා නොදීම යන කරුණු මුල් කර ගනිමින් මෙලෙස වර්ජනයේ නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත.

Rate this item
(0 votes)