May 09, 2024

FCID අලුත් ගොඩනැගිල්ලකට 

November 28, 2015

මූල්‍ය අපරාධ කොට්ඨාශය ඊයේ (27) නව ගොඩනැගිල්ලක ස්ථාපිත කළ බව පොලීසිය පවසයි.

නව ගොඩනැගිල්ල කොළඹ 01, චතැම්විදිය, අංක 54 යන ලිපිනයේ පිහිටි සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ල වෙත රැගෙන ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටි නව ගොඩනැගිල්ල විවෘත කර තිබේ.

මේ වනවිට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි 204 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එමෙන්ම පැමිණිලි 27 ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයා වෙත භාර දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)