May 08, 2024

රවීට එරෙහි විශ්වාසභංගය කථානායකට - මන්ත්‍රීවරුන් 44 ක් අත්සන් කරලා 

November 27, 2015

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගෙන් අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක් කථානායක කරු ජයසූරිය මහතාට බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විකෘති කිරීම සහ දළ දේශිය නිෂ්පාදනයේ වැරදි අගයක් පෙන්වා ජනතාව, ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව නොමග යවා ඇති බව ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් රවි කරුණානායක මහතාට තවදුරටත් මුදල් අමාත්‍යධුරයේ කටයුතු කිරීමට නොහැකි බවට විශ්වාසභාංග යෝජනාවේ සඳහන් බව ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසුවේය.

එම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් එක්ව සිටියහ.

Rate this item
(0 votes)