May 09, 2024

අන්තරේ පාගමනට පාර්ලිමේන්තු පාරට ඇතුළුවීම තහනම් 

November 27, 2015

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දින කිහිපයකට පෙර මහනුවරින් ආරම්භ කළ උද්ඝෝෂණ පාගමන අද (27) පාර්ලිමේන්තුව දක්වා පැමිණීමට නියමිත බවට ලැබුණු තොරතුරු අනුව පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම නියෝගය අනුව උද්ඝෝෂණ පාගමන පොල්දූව දක්වා පැමිණීමට හැකි අතර පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තු පාරට ඇතුළුවීම තහනම් කැර ඇත.

Rate this item
(0 votes)