May 09, 2024

ටී.එන්.ඒ මන්ත්‍රී බාධා නැතිවම මහවිරු දිනය සමරයි (PHOTOS) 

November 27, 2015

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් අතුලු පිරිසක් අද (27) උදෑසන යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටදී පහන් දල්වමින් එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය සමරා තිබේ.

මේ පිරිස පහන් දල්වන ලද්දේ ආගමික ස්ථානයක බැවින් ආරක්ෂක අංශ ඊට බාධා නොකළ බව ඒ පිළිබදව කළ විමසීමකදී යාපනයේ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු කියා සිටියේය.

ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා උතුරේ ජනතාවට මෙම පහන් දැල්වීමේ අවස්ථාවට එක්වෙන මෙන් කළින් ආරාධනය කොට සිටියද යාපනයේ සාමාන්‍ය වැසියන් ඊට සහභාගී වී සිටියේ ස්වල්ප දෙනෙකි.

දිනසේන රතුගමගේ

Rate this item
(1 Vote)