May 05, 2024

සිසුන් කළහකාරී වෙතැයි උතුරේ සියළු පාසල් වසා දමයි (PHOTOS)

November 27, 2015

උතුරු පළාතේ සියලු පාසල් අද (27) දිනයේ වසා දැමීමට පියවර ගන්නා ලෙසට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් උතුරේ සියලුම පාසල්හි විදුහල්පතිවරුන්ට දන්වා ඇත.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආර්. රවීන්ද්‍රන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාසා මහතාගේ නියෝගයක් යටතේ මෙම තීරණය ගත් බවට අද උදෑසන උතුරු පළාතේ කලාප කාර්යාල වෙතට විද්‍යුත් තැපල් හා ෆැක්ස් මගින් දන්වා ඇත.

මේ අතර  උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙක් වූ ඒ.කේ. ෂන්මුගනාදන් මහතා ලිපියක් මගින් දන්වා ඇත්තේ යාපනය කොක්කුවිල් පාසලේ සිසුවාගේ සියදිවි හානි කරගැනීමේ සිදුවීමට ශෝකය පල කරන අතර එම සිසුවාගේ මරණය හේතුවෙන් පාසල් දරුවන් කලහකාරී ලෙස හැසිරීමට ඇති ඉඩ සලකා මෙසේ පාසල් වැසීමට තීරණයක් ගෙන ඇති බවටයි.

මේ අතර ‍මෙම නිවේදනයන් ගැන කිසිවක් නොදන්නා උතුරේ සිංහල හා මුස්ලිම් පාසල්හි සිසු සිසුවියන් සියලුම දෙනා මෙන්ම ගුරුවරුන්ද පාසල් වෙත පැමිණි සිටින අතර එම පාසල්හි විදුහල්පතිවරුන් අද උදසන පාසල් වැසීමේ නියෝගය දැනගැනීම හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

එමෙන්ම මේ කිසිත් නොදන්නා පාසල් ළමුන් නැවත ආරක්ෂාකාරිව නිවෙස් වෙතට යැවීමේ වගකීමද පවතින බවට එම පාසල්හි විදුහල්පතිවරුන් කියා සිටියහ.

 

වන්නි රොමේෂ් මධූෂංඛ ‍| ඡායාරූප - දිනසේන රතුගමගේ

 

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2015 10:10