May 05, 2024

දිවිනසාගත් සිසුවාගේ ඉල්ලීම ඉටු කරන්නැයි යාපනයේ සිසුන් කළු කොඩි ඔසවයි (PHOTOS)

November 27, 2015

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මියගිය යාපනය සිසුවාගේ ඉල්ලීම ඉටු කරන ලෙස රජයට බලකරම්න් යාපනය විශ්ව විද්‍යාල සිසුන් කළු කොඩි රැගෙන ඊයේ (26) දහවල් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.

විරෝධතාවයට එක් වු යාපනය විශ්ව විද්‍යාල සිසුන් පැවසුවේ දෙමළ ජනතාව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවෙන් පසුවන අතර, අදාළ කාරණය කෙරෙහි පවතින ශෝකය හේතුවෙන් පාසල් දරුවෙකු සියදිවි නසාගන්නා තත්ත්වයට වර්තමාන පාලකයින් දෙමළ ජනතාව අපහසුතාවයට පත්කොට ඇති බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මියගිය යාපනය සහෝදර සිසුවාගේ ඉල්ලීම රජය ඉටු කළ යුතු අතර, අදාළ ඉල්ලීම ඉටු කිරීමට යාපනය විශ්ව විද්‍යාල සිසුන් දැඩි ලෙස බලපෑම් කිරීමට නියමිත බැවිද ඔවුහු පැවසූහ.

කළු කොඩි ඔසවා අදාළ පිරිස විරෝධතාවයට එක්ව සිටි අතර, විරෝධතාවය වෙනුවෙන් විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

දිනසේන රතුගමගේ

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 27 November 2015 09:41