May 05, 2024

සිසු විරෝධයේ දී පොලීසිය සීමාව ඉක්මවූ බව තහවුරු වේ

November 27, 2015

උසස් ගණකාධිකරණ පාඨමාලා සිසුන්ගේ උද්ඝෝෂණය විසුරුවා හැරීමේ දී පොලිසිය තම සිමා ඉක්මවා කටයුතු කර ඇතැයි තහවුරු වූ බව ජාතික පොලිස් කොමිසම පවසයි.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් එන්. ආරියදාස කුරේ මහතා පවසන්නේ එම පරීක්ෂණය සඳහා පත් කළ ත්‍රි පුද්ගල කමිටු වාර්තාවට අනුව පොලිස් පරීක්ෂක තනතුරින් පහළ නිලයන්ට අයත් පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දි ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ සිට පොලිස් පරීක්ෂකවරුන් දක්වා නිලධාරීන් සම්බන්ධයෙන් කුමන පියවර අනුගමනය කරන්නේ ද යන්න පිළිබද ඉදිරි දිනක යළි රැස් වී තීරණය කරන බව ද ජාතික පොලිස් කොමිසම පවසයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2015 09:11