May 05, 2024

පොහොර සහනාධාර සම්පූර්ණ මුදලම ජනතාවට

November 27, 2015

පොහොර සහනාධාර සම්පූර්ණ මුදලම ජනතාවට ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරයි.

අයවැය විවාදයේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා වත්මන් ආණ්ඩුව පොහොර සහනාධාරය වැඩපිළිවෙළ පිළිබඳ ඍජුව ප්‍රකාශ කරන ලෙස පැවසූ අතර, එහි දී නැගී සිටිමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

පොහොර සහනාධාරය ලබාදෙනවා නම් තමන් අයවැයට සහයෝගය ලබාදෙන බවද රංජිත් සොයිසා මන්ත්‍රීවරයා පැවසී ය. පොහොර සහනාධාරය භාගයක් නොව සම්පූර්ණයෙන්ම ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)