May 05, 2024

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ලිපියක් ලියා සිසුවෙකු දිවිනසා ගනී (PHOTOS)

November 27, 2015

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ලිපියක් ලියා යාපනය කොක්කුවිල් ප‍්‍රදේශයේ දී පාසල් සිසුවෙකු ඊයේ (26) දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ.

රජේස්වරන් සෙන්දුරන් නමැති යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් දරුවෙකු එලෙස කෝච්චියට පැන සියදිවි නසාගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු බවට තමන් ඉල්ලීම් කොට ඇති අතර රජයට දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් නොතේරෙන්නේ ඇයි ද යනුවෙන් ද අදාළ ලිපියේ සඳහන් කර ඇත.

කෝපායි උතුර ප‍්‍රදේශයේ පදිංචි සිසුවෙකු එලෙස මියගොස් ඇති බව යාපනය ප‍්‍රදේශවාසීන් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන යාපනය කෝපායි පොලීසියෙන් විමසීමේ දී පොලීසිය පැවසූවේ සිසුවෙකු කෝචියට පැන සියදිවි නසා ගැනීමේ සිදුවීමක් පවතින අතර ලිපියක් සම්බන්ධයෙන් තොරතුරක් තවමත් වාර්තා වී නොමැති බවයි.

දිනසේන රතුගමගේ

 

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 November 2015 21:13