May 02, 2024

අන්තරේ පා ගමන නිට්ටඹුවෙන් අරඹයි  

November 26, 2015

අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන පා ගමනේ හතරවන දිනය අද (26) දිනයේ එම පා ගමන නිට්ටඹුව නගරයෙන් ආරම්භවී කිරිබත්ගොඩ නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.

මෙම පා ගමන දින 05ක් පුරා මහනුවර සිට කොළඹ දක්වා ක‍්‍රියාත්මක වේ.

පාලකයිනි, මාළඹේ  SAITM හොර උපාධි කඩය අහෝසි කරනු, විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ඉහළ දමනු, විශ්වවිද්‍යාල තුළ පාඨමාලා මුදලට විකිණීම නවතනු, පාසල් තුල සිදුකරන සියලූ ආකාරයෙ මුදල් අයකිරීම් නවතනු, නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළ ගැසෙමු, අධ්‍යාපනය අයිතියක්! වෙළද භාණ්ඩයක් නොවේ යන සටන් පාඨ යටතේ මෙම පාගමන සංවිධානය කර ඇත.

Rate this item
(0 votes)