May 02, 2024

රක්නා ලංකා දූෂණවලට හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙක් නම් කරයි 

November 26, 2015

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සිදුවී යැයි කියන වංචා හා දූෂණවලට වගකිව යුතු අය ලෙස හිටපු නාවික හමුදාපති ජයන්ත කොළඹගේ හා ජයන්ත පෙරේරා ද නම් කිරීමට බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම තීරණය කර තිබේ.

එම දෙදෙනාද ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා ජයරත්න මහත්මිය ද අද කොමිසමේදී නම් කැරිණි.

නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික විරෝධයක් මතු කරමින් ඔහු ඊට වගකිව යුතු යැයි නම් කිරීමට විරුද්ධත්වය දැක්වීය. 

මේ අතර කොමිසම ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ කළැයි රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී ගාමිණී ජයරත්නට එරෙහිව පියවර ගැනීමටද කොමිසම තීරණය කරයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 27 November 2015 11:57