May 02, 2024

උපාධිධාරීන්ගේ පා ගමනට උසාවියෙන් නියෝගයක්

November 26, 2015

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් අද (26) සංවිධානය කර ඇති විරෝධතා පා ගමන සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගයට අනුව පොල්දූව හන්දියෙන් එහාට ඔවුන්ගේ විරෝධතා පා ගමන නොපැවැත්විය යුතු ය.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් රාජගිරියේ සිට අද දහවල් විරෝධතා පා ගමනක් සැලසුම් කර ඇති අතර එම විරෝධතා පා ගමන පාර්ලිමේන්තු මාර්ගයට පිවිසීම වළක්වමින් මෙම ‍නියෝගය නිකුත් කර ඇත.

 

Rate this item
(0 votes)