May 01, 2024

මුදල් ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථා නායකවරයාට 

November 26, 2015

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (26) කතානායකවරයා වෙත භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. 

රාජ්‍ය නායකයා, පාර්ලිමේන්තුව සහ ජනතාව මෙවර අයවැයෙන් මුලාකිරීම හේතුවෙන් මෙලෙස මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව හෙතෙම සඳහන් කරයි.

ඒ සඳහා සැබෑ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ඇතුළත් කර බව ද ඔහු ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද තමන්ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය අභියෝගයක් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

Rate this item
(0 votes)