May 16, 2024

විපක්ෂයේ මන්ත්‍රීවරු 4ක් ආණ්ඩුවට - ඇමති රාජිත හෙළි කරයි

November 25, 2015

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු  ආණ්ඩුවට එක්වන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (24) පෙරවරුවේ ගාල්ලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“විරුද්ධ පක්ෂය කියන්නේ සාමාන්‍යයෙන් මේ රටේ ඔක්කොටොම විරුද්ධ වෙන කට්ටියනේ. දැන් එක් සම්ප්‍රදාය වෙනස් කරලා පළවෙනි වරට අතිමහත් බහුතරය එකතුවෙලා ජාතික රජයක් හදලා තියෙනවා. මේක අලුත් සංකල්පයක්. අලුත් දේශපාලන සංස්කෘතියක්. මේ රටේ 47 ඉඳලා ගහමරාගත්ත කට්ටිය ඔක්කොම එකට වාඩිවෙලා ඉන්නේ. ඉතින් මේක එක දවසෙන් මාසෙන් 2 න් මේ සංස්කෘතිය තවත් සංස්කෘතියකට අලුත් වෙනකොට මේවා වෙන්නේ නැහැ. ටික කාලයක් යනවා.“

“දැන් තව 4 දෙනෙක් ඇවිල්ලා ආණ්ඩුවට එක්කහු වෙනවා. ඉතින් එහෙම තමයි මේ සංස්කෘතිය හදාරන්නේ. ඉතින් ඉස්සරහට යනකොට ඒ ප්‍රශ්නෙ විසදෙනවා.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

Rate this item
(3 votes)
Last modified on Thursday, 26 November 2015 11:57