May 02, 2024

සෝභිත හිමිගේ තනතුර සරත් විජේසූරියට   

November 25, 2015

මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර සඳහා කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා පත් වී ඇත.

එහි විධායක මණ්ඩලය රැස්වී මෙම පත්කිරීම සිදුකළ බව එහි විධායක මණ්ඩල සාමාජික සමන් රත්නප්‍රිය මහතා පැවසී ය.

මීට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහා අනුශාසක මණ්ඩලයක් ද පත්කර ඇති අතර එහි ප්‍රධාන අනුශාසක ලෙස ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නා හිමියෝ පත්කරනු ලැබ සිටිති.

සෙසු අනුශාසකයන් ලෙස කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිකාරී උඩුකලකන්දේ අරියරතන හිමියන් සහ  සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයකු ලෙස මුල සිටම කටයුතු කළ රීඩ් ෂෙල්ටන් පියතුමා පත්කරගත් බව ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ය.

එහි කැඳවුම්කරු තනතුර සඳහා මීට පෙර දඹර අමිල හිමියන්ගේ නම ද යෝජනා වී තිබිණි.

Rate this item
(0 votes)