May 02, 2024

අලුත් වැඩපිළිවෙලක් ගැන අතුරලියේ රතන හිමි කියයි

November 25, 2015

පොහොර සහනාධාරයට වඩා අලුත් වැඩපිළිවෙලක් මේ රජය සකස් කර තිබෙන බවත් අලුත් ගොවිතැනක් ගොඩනැගීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මේ බව පැවසූවේ ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ තෙවැනි දින විවාදයේ අදහස් දක්වමිනි.

රතන හිමියෝ මෙසේද පැවසී ය.

“පොහොර සහනාධාරයට වඩා අලුත් වැඩපිළිවෙලක් මේ රජය සකස් කර තිබෙනවා. එය ඵලදායි ලෙස ගෙන යා යුතුයි. අද ග්ලයිෆොසෙඩ් නවත්වන්නට අපට පුළුවන් වී තිබෙනවා. අපි මරා දාපු පස නැවත සජීවීකරණය වී තිබෙනවා. අද ජල පෝෂක ප්‍රදේශ වසවලින් වැසී තිබෙන්නේ. වී මිලදී ගැනීමට මේ රජය යම් ප්‍රායෝගික මුදලක් යොදා තිබෙනවා. ඊළඟ යල හා මහ කන්නයේ දී බිත්තර වී යොදලා ගොවිතැන් කරන්න ජාතික සැලැස්මක් සකස් කර තිබෙනවා. අද ලෝකයේ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා, ඉඩම් පරිභෝජනය පිළිබඳව. ඉඩම් පරිභෝජනය කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව මම යෝජනා කරනවා.“

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඉඩම් පරිහරණයට සූක්ෂම වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ අයවැය මඟින් ඩඩ්ලි සේනානයක මැතිතුමාගේ හරිත විප්ලවය පදනම් වූ තිරසර සංවර්ධන උපාය මර්ග යටතේ වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්  ඇති කරනවා. අලුත් ගොවිතැනක් අපි ගොඩනගනවා. අපේ රට හදන්න, අපේ ගොවිතැන හැදිය යුතුයි'' යැයි ද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූ හ.

Rate this item
(0 votes)