May 02, 2024

"අපේ සහෝදරත්වයේ බැඳීම නවත්වන්න බෑ" - ඇමති හරීන් 

November 25, 2015

තමා හා රන්ජන් රාමනායක අමාත්‍යවරයා අතර ඇති මිත්‍රත්වය කිසිදු අයුරකින් නැවැත්විය නොහැකි බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ වනවිට අමාත්‍යවරුන් දෙදෙනා අතර මත ගැටුමක් මාධ්‍ය හරහා ප්‍රචාරයවන අතර ඒ පිළිබඳ සිය ෆේස්බුක් ගිනුමට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

"රංජන් හා මා අතර ගැටුමක් ඇති කිරීමට එක්තරා පුවත්පත්/මාධ්‍ය ආයතනයකට අවශ්‍ය වී ඇති බව පෙනෙනවා, මා හා රන්ජන් අයියා අතර ඇති සහෝදරත්වයේ බැඳීම මෙවන් දේවලින් නැතිකිරීමට නොහැකියි. විවිධ දේවල් සම්බන්ධයෙන් අප විවිධ මත දැරුවත් අපගේ මිත්‍රත්වයට සහ සහෝදරත්වයට එය බාධාවක් කර ගන්නේ නැත. අප දෙදෙනා නොකළ ප්‍රකාශ එකිනෙකා වෙත ඉදිරිපත් කරමින් මෙලෙස අපට එරෙහිව පුවත් මවද් දී අප දෙදෙනා පාර්ලිමේන්තුවේ එකට සිට ඒවා සතුටින් නරඹමින් සිටින බව ද මතක් කිරීමට කැමතියි." යනුවෙන් ඔහු සිය ප්‍රකාශයෙන් පවසා ඇත. 

එම පණිවිඩය පහතින් 

Rate this item
(0 votes)