May 02, 2024

බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමට පොලීසියෙන් 9ක්

November 25, 2015

බරපතල වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පොලිස් නිලධාරීන් 09 දෙනෙකු අලුතින් අනුයුක්ත කර තිබේ.

නොවැම්බර් මස 16 වැනි දා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර ජනාධිපති කොමිසමේ කටයුතු කළ පොලිස් නිලධාරීන් 07 දෙනෙකුට කොමිසමේ සභාපතිවරයා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමක් මත ඔවුන් කලින් සේවය කළ පොලිස් ස්ථාන වෙතම මාරුකර යැවීමට පියවර ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)