May 02, 2024

වසර 04 ක් තුළ ළදරු මරණ 402 ක්

November 25, 2015

ඉකුත් වසර 04 ක් ඇතුළත මඩකලපුව ශීක්ෂණ රෝහලේ ළදරු මරණ 402 ක් සිදු වී ඇති බව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය කේ.ඊ.කරුණාකරන් මහතා පවසයි.

ඉන් මරණ 201 ක් සූතිකාගාරයේ ද අනෙක් මරණ එම රෝගීන් ප්‍රතිකාර ලැබූ වාට්ටු තුළ දී ද සිදු වී ඇති බව රෝහල් වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව 2011 වසරේ ළදරු මරණ 46 ක්, 2012 වසරේ ළදරු මරණ 54 ක්, 2013 වසරේ ළදරු මරණ 60 ක්, ඉකුත් 2014 වසරේ ළදරු මරණ 41 ක් ද වාට්ටුවල සිදු වී ඇත.

2011 වසරේ ළදරු මරණ 46 ක්, 2012 වසරේ ළදරු මරණ 54 ක්, 2013 වසරේ ළදරු මරණ 60 ක්, 2014 වසරේ ළදරු මරණ 41 ක්ද සූතිකාගාරයේ සිදු වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මඩකලපුව - ජවුෆර්කාන්

Rate this item
(0 votes)