May 04, 2024

රුසියන් ප්‍රහාරක යානයකට තුර්කියෙන් ප්‍රහාරයක් - වීඩියෝව මෙන්න (VIDEO)

හඳුනානොගත් යුද ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ලකර එය බිම හෙළූ බව තුර්කිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානය ප්‍රහාරයට ලක් වූ බවට තුර්කි ප්‍රහාර යානා විසින් සාක්ෂි ඉදිරිපත් කර තිබේ.  

සිරියානු දේශසීමාව ආසන්නයේ දී F -16 යානාවකින් ප්‍රහාරය එල්ල කර තිබේ. 

දේශ සීමා උල්ලංඝනය කර ඇති බවට හඳුනා නොගත් යානයට පළමුව අවවාද කර ඇති අතර අනතුරුව යානය බිම හෙලු බව තුර්කි බලධාරීන් පවසයි.

මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ Su-24 නැමැති රුසියන් ප්‍රහාරක ගුවන් යානයකටයි. එම යානයේ ගුවන් නියමුවන් දෙදෙනා එම යානයෙන් පිටතට පැන ඇති බවට වාර්තා වේ. 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 November 2015 15:11