May 04, 2024

මහින්දගේ ගම හදන්න රනිල්ගෙන් යෝජනාවක්

November 24, 2015

මාතර නගර සැලැස්ම ගැන යෝජනා කීපයක් ඇති බවත් ගාල්ල, මාතර නගර ගැන ගත යුතු පියවර සාකච්ඡා කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් ආලහප්පෙරුම මහතා යොමු කළ වාචික ප්‍රශ්න අවස්ථාවේ මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

එහිදී අගැමැතිවරයා මෙලෙස අදහස් දැක්වීය.

“ මාතර නගර සැලැස්ම ගැන යෝජනා කීපයක් ආවා, විශේෂයෙන් ම රාහුල විද්‍යාලයේ ශාලාව ගැනත්, ගාල්ල, මාතර නගර දෙකම ගැන ම කතා කරලා,ගත යුතු පියවර සාකච්ඡා කළා.ඊට අමතරව අපි හම්බන්තොට ගැන කත කළා. තංගල්ල නගරයට කිසිම සැලැස්මක් තිබුණේ නෑ. හම්බන්තොට ගැන ගත යුතු පියවර ගැන සාකච්ඡා කළා.“   

“දකුණු පළාතේ කැබිනට් මණ්ඩලයේ සහ කැබිනට් මණ්ඩලයේ නොමැති මැති ඇමැතිවරු නවදෙනෙකු සිටිනවා. ඒ නවදෙනා සහ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා මුණගැහිලා සාකච්ඡා කරන්න, අපි තීරණය කළා. මන්ත්‍රීවරු මාතර සැලැස්ම ගැන යෝජනා කිපයක් කර තිබුණා, එතැනදි සාකච්ඡා කර දෙන්න. අපිට හුඟක් වැඩකරන්න තිබෙනවා. හම්බන්තොට වැඩ ටික කරලා, මාතර කරන්න තිබෙනවා.“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Rate this item
(0 votes)