May 04, 2024

විද්‍යා ඝාතන සැකකරුවන් 02 වැනි දා තෙක් රිමාන්ඩ් 

November 24, 2015

විද්‍යා ඝාතන සැකකරුවන් 09 දෙනා නැවත දෙසැම්බර් 02  වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය, කයිට්ස් මහේස්ත‍්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ (23) නියෝග කරනු ලැබී ය.

සැකකරුවන්ගෙන් ලබාගත් රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂාවට යොමු කර ඇති අතර අදාළ වාර්තා පිළිබඳ පරීක්ෂණ පවත්වන බැවින් එම පිරිස නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළ බව කයිට්ස් පොලීසිය පවසයි.

සැකකරුවන් ඇප ලබාදෙන ඉල්ලීම් කරනු ලැබුව ද රුධිර සාම්පල වාර්තා පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති බැවින් ඇප ලබාදීමට පැමිණිළි පාර්ශවයේ  නිතීඥවරුන් විරුද්ධවීම හේතුවෙන් මහේස්ත‍්‍රාත්වරයා ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කර නියෝග ලබාදුන් බව ද පොලීසිය පැවසී ය.

ඉකුත් මැයි මාසයේ දී යාපනය, කයිට්ස් පුන්කුඩිතිව් ප‍්‍රදේශයේ දී ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය පාසල් නිළ ඇඳුමින් සිටිය දී මරාදමා තිබිණ.

සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා කයිට්ස් පොලීසිය විසින් සිදු කරයි.

වන්නි රොමේෂ් මධුෂංඛ

 

Rate this item
(0 votes)