May 03, 2024

බැසිල්ගේ ඔරුතොට ඉඩමේ ඉදිකළ කාර්යාලය විකිණීම තහනම්

November 24, 2015

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ, ඔරුතොට ඉඩමක් මිලටගෙන කාර්යාලයක් සඳහා ඉදිකළ ගොඩනැගිල්ල අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම තහනම් කරමින් ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා ගම්පහ ඉඩම් කොමසාරිස්ට අද (24) නියෝගයක් නිකුත් කළේය.

කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මෝසමක් මගින් අද(24) නඩුව යළි කැඳවීය.

එෆ්සීඅයිඩිය ඉල්ලා සිටියේ එම ඉඩම අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම තමනම් කරන ලෙසයි. 

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේ ඩී.ඒ. රාජපක්ෂ පදනම මගින් මෙම ඉඩම මිලට ගෙන ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 November 2015 12:36