May 03, 2024

මහින්ද පිල අයවැයට ඡන්දය දෙයි? - ජනපති සමග අද සාකච්ඡාවක් 

November 24, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද(24) දිනයේ පැවැත්වෙන බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ(23) දිනයේදී ද පැවැත්විණි. 

එම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමට තම පක්ෂය තීරණය කර ඇති බවයි.

කෙසේ නමුත්, තමා ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 49 දෙනෙකු අයවැය සම්බන්ධයෙන් ඊයේ පැවැති සාකච්ඡාවේදී එකඟත්වයකට නොපැමිණි බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

ඒ අනුව අද පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා සමඟ තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බව ඔහු පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 November 2015 00:22