May 04, 2024

අයවැය සහන ජනතාවට ලබා නොදෙන ව්‍යාපාරිකයන්ට නීතිමය පියවර

November 24, 2015

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11 ක මිල ගණන් පහත දමමින් අයවැයෙන් ලබාදුන් සහන පාරිභෝගික ජනතාව වෙත ලබා නොදෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි.

අයවැය සහන පාරිභෝගික ජනතාවට ලබා නොදෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට මේ වනවිට සැලසුම් කරගෙන යන බව ද හෙතෙම පැවසී ය.

මිල අඩු කළ භාණ්‌ඩ පැරණි මිල ගණන්වලට විකිණීමෙන් වළකින ලෙස ද මුදල් ඇමැතිවරයා දැනුම් දී ඇත.

අයවැය ලේඛනයෙන් මිල අඩු කළ භාණ්‌ඩ, ආහාර ද්‍රව්‍ය පැරණි මිල ගණන්වලට විකුණන වෙළෙඳුන් පිළිබඳ සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය මගින් වැටලීම් ක්‍රියාත්මක කර තිබේ.

මිල අඩු කළ භාණ්‌ඩ සහ ආහාර ද්‍රව්‍ය පැරණි මිලට විකුණන වෙළෙඳුන් පිළිබඳ වහාම පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන ලෙස ද මුදල් ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගෑස්‌ මිල අඩුවීම හේතුවෙන් හෝටල්වල විවිධ කෑම බීම වර්ගවල මිල ගණන් පහත හෙළීමට කටයුතු කළ යුතු බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 November 2015 09:43