May 04, 2024

දිවිනැගුමෙන් පයිප්ප බට ගැනීමේ දී මූල්‍ය අවභාවිතයක්‌ සිදු වී නෑ - ඇමති එස්‌. බී. 

November 24, 2015

ජනාධිපතිවරණය පාදක කර ගනිමින් දිවිනැගුම අරමුදලේ මුදලින් ප්‍රාදේශීය සභා සඳහා ජී. අයි. පයිප්ප බට මිල දී ගැනීමක්‌ සිදු ව නොමැති බව සමාජ සවි බලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා පවසයි.

මෙහි දී මූල්‍ය අවභාවිතවීමක්‌ සිදු ව නැතැයි ද මිල දී ගත් සියලු බට නියමිත පරිදි පළාත් පාලන ආයතන විසින් භාරගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

මෙම බට ජනාධිපතිවරණය සඳහා භාවිත කරන්නට ඇතැයි ද කී ඇමතිවරයා පොදුජන අවශ්‍යතා සඳහා ඒවා යොදා ගන්නා බැවින් මූල්‍ය අවභාවිතයක්‌ හෝ අහිමිවීමක්‌ හෝ සිදු ව නැතැයි ද කීවේ ය.

පසුගිය ජනාධිපතිවරණය පාදක කර ගනිමින් දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 20 ක්‌ ලබාගෙන ජී. අයි. පයිප්ප බට (කොඩි කණු) මිල දී ගෙන ඇත්දැයි ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසූවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ය.

 

Rate this item
(0 votes)