May 04, 2024

'ශ්‍රීලනිප සියලු මන්ත්‍රීවරු අය වැයට සහය දෙනවා' - ඇමති දුමින්ද කියයි 

අය වැයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

කෙසේ වෙතත් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව හෙතෙම සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේදී පැවැත්විණ.

සාකච්ඡාව අවසානයේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම වීඩියෝව පහතින්

 

Rate this item
(0 votes)