May 08, 2024

නව රජයේ කැපවීම සමන්තා පවර්ගේ ඇගයීමට

November 23, 2015

රට තුළ තිරසාර සංහියාඳිවක් ඇති කිරීම සඳහා පසුගිය මාස 10 තුළ නව රජය කළ කැපවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිනි සමන්තා පවර් මහත්මියගේ ඇගයීමට ලක් වී ඇත.

සමන්තා පවර් මහත්මිය අද (23) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු විය.

සංහිඳියා වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමේ දී නව රජය ඉතා විශ්වාසවන්ත සහ පිළිගතහැකි අයුරින් එම කටයුතු සිදු කරන බව පැවසූ තානාපතිනිය එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන නිලධාරීන් සහ ආයතන අතර සබඳතා මීට වඩා පුළුල් කරගත හැකිනම් යහපත් බව ද පෙන්වා දුන්නා ය.

රට තුළ සිදු කරමින් තිබෙන නව සංශෝධන තමා ඉතා අගය කරන බව පැවසූ සමන්තා පවර් මහත්මිය එමගින් රට තුළ නව පිබිදීමක් ඇති වී තිබෙන බවද ප‍්‍රකාශ කළා ය. 

අපි‍්‍රකාවේ සහ ආසියාවේ නායකයින් බොහෝ විට තම බලය සංකේන්ද්‍රණය කර ගැනීමට උත්සාහ දරද්දී ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බලය අතහැරීමට කටයුතු කිරීම ඉතා අගය කළයුත්තක් බව ද ඇය සඳහන් කළා ය. එමෙන්ම එය ලෝක නායකයින්ට ආදර්ශයක් බව ද කියා සිටියා ය.

ශී‍්‍ර ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අමෙරිකාව ලබාදුන් සහය එහි දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක් විය. එම සංහිඳියා කි‍්‍රයාදාමය සත්‍ය ගවේෂණය, හානිපූර්ණය, යුක්තිපූර්ණය, නැවත සිදුවීම වළක්වා ගැනීම යන මූලධර්ම මත පදනම් ව සිදු කරන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේ ය.

 

Rate this item
(0 votes)