May 09, 2024

සාමාන්‍ය පෙළ පෞද්ගලික අපේක්ෂකයින්ට සංශෝධන සඳහා අවස්ථාවක්

November 24, 2015

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර ලැබී තිබෙන පෞද්ගලික අපේක්ෂකයන්ට ප්‍රවේශපත්‍රයන්හි විෂය සංශෝධන, භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් දෙසැම්බර් 01 වැනි දිනට පෙර එය සිදු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

අදාළ සංශෝධන කටයුතු විභාග කොමසාරිස් ජනරාල්, පාසල් විභාග සංවිධාන ශාඛාව, තැ.පෙ 1503, කොළඹ යන ලිපිනයේ සඳහන් ස්ථානයට පැමිණ සිදු කරගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි. 

එසේ නොමැති නම් 0112 784422 දරණ ෆැක්ස් අංකයට ෆැක්ස්පතක් යොමුකිරීමෙන් ද අදාළ සංශෝධන සිදුකරගත හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

වැඩි විස්තර 0112 784208, 0112 784537 දුරකථන අංක මගින් හෝ 1911 ක්ෂණික දුරකථන අංකයෙන් ලබාගත හැකි ය.

 

Rate this item
(0 votes)