May 09, 2024

'ඩීල් එපා' - දූෂණ විරෝධී හඬ විරෝධතා පාගමනක 

November 23, 2015

ඩීල් නවත්වා දූෂිතයන්ට වහා දඬුවම් දෙන ලෙස බලකරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23) පස්වරුවේ විරෝධතා පාගමනක් ඇරඹීය.

රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු මහා පරිමාණ වංචා දූෂණවලට එරෙහිව තමන් අදාළ අයතනවලට පැමිණිලි කළද වර්තමාන ආණ්ඩුව දූෂිතයින්ට දඬුවම් දෙනවා වෙනුවට දූෂිතයින් ආරක්ෂා කරන බව කියමින් ඔවුහු උද්ඝෝෂණය කරති.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රාශියක් පාගමනට එක්ව සිටි අතර මරදාන කාර්මික විදුහල අසලින් පාගමන ආරම්භ කෙරුණු අතර ඔවුහු කොළඹ කොටුව දක්වා පැමිණ සිටියහ.

Rate this item
(0 votes)