May 09, 2024

ඇමති රංගේ බණ්ඩාර - ඇමති සමරසිංහ සමග මත ගැටුමක 

November 23, 2015

රාජ්‍ය ආයතනවලට නිලධාරින් පත් කිරිමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ තමා විරෝධය පළ කරන බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

අගෝස්තු 17 වනදා බිහිකරුණු ලැබුවේ සම්මුතිවාදි ආණ්ඩුවක් බවත් එත් මේ වනවිට ඊට විරුද්ධව ඇතැම් පුද්ගලයින් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

අමාත්‍යංශවලට අයත් ආයතනවල සභාපති, උප සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල වැනි උසස් තනතුරු පත් කිරිමේදී ජනාධිපති හා අගමැතිවරයාගේ විශේෂ කමිටුවක් මගින් නිර්දේශ කරනු ලැබූ අය පමණක් පත් කිරිමට යෝජනා වී තිබූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් වෘත්තිය පුහුණු අධිකාරි මණ්ඩලයේ නිළධාරින් පත් කිරිමේදී මෙම කටයුතු නොසලකා හරිමින් කටයුතු කර ඇති බව පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම නිසා සම්මුතිවාදි ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සඳහා වහා මැදිහත්වන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 23 November 2015 23:48