May 08, 2024

උගුරැස්ස ගෙඩියක් සිර වී දරුවෙකු මියයයි

November 23, 2015

අම්බලන්තොට, මල්පෙත්තාව ප්‍රදේශයේ නිවසක වයස අවුරුදු 02 ක පිරිමි දරුවෙකු උගුරැස්ස ගෙඩියක් සිරවීමෙන් මරණයට පත් ව තිබේ.

එච්.ජී. කලන චමත්ක නමැති දරුවෙකු මෙලෙස මියගොස් ඇත.

මියගිය දරුවා ඔහුගේ සහෝදරයා සමග අද (23) උගුරැස්ස කමින් සිටිය දී එය සිරවීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

එම අවස්ථාවේ ඥාතීන් විසින් එම දරුවා අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු මියගොස් තිබේ. අම්බලන්තොට පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර  පරීක්ෂණ සිදු කරයි.

Rate this item
(0 votes)