May 17, 2024

සමන්තා පවර් අද ජනපති සහ අගමැති හමුවෙයි 

November 23, 2015

නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි. 

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳ එහි දී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර, අමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් ඊයේ (22) යාපනයේ සංචාරයක ද නිරත විය. 

එහි දී උතුර පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර සහ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් හමුවූ ඇය ඉන් අනතුරුව උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ පළාත් සභා මන්ත්‍රිවරුන් සමගද සාකච්ඡාවක් පවත්වා තිබේ. 

මීට අමතරව යාපනය පුස්තකාලයේ සංචාරයක ද නිරතවූ අතර ඇය පසුව පාසල් දරු දැරියන් සමග ද එල්ලේ ක්‍රීඩාවේ නිරත විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2015 09:47