May 17, 2024

වෛද්‍ය නිලංග තානාපති කාර්යාල 05 කින් ආරක්ෂාව ඉල්ලයි

November 23, 2015

තනතුරෙන් ඉවත් කර සිටින අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාවේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ජීවිත ආරක්ෂාව ඉල්ලා මෙරට තානාපති කාර්යාල 05 ක්‌ වෙත ලිපි යොමු කර තිබේ.

ලිපි යොමු කළ තානාපති කාර්යාල අතර බ්‍රිතාන්‍යය, නෝර්වේ, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකා එක්‌සත් ජනපදය වේ.

තමා තනතුරෙන් ඉවත් කිරීමත් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා ඊට සම්බන්ධ දේශපාලනඥයන්ගේ ගොදුරක්‌ බවට පත්වීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කළ බව හෙතෙම සඳහන් කරයි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාවේ සභාපතිවරයා ලෙස තමා රාජකාරි කළ මාස 10 ක පමණ කාලය තුළ සැලකිය යුතු සේවයක්‌ කළ ද මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමට ජාත්‍යන්තරය සමග සැලසුම් කර තිබූ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීමට නොහැකිවීම පිළිබඳ කණගාටුවන බවද ඒ වෛද්‍ය නිලංග මහතා සඳහන් කළේ ය.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 23 November 2015 08:51