May 17, 2024

වැඩි කළ බද්දට එරෙහිව ගැමුණු දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

November 23, 2015

දුම් සහතික සහ වාහන හිමිකාරත්වය සම්බන්ධයෙන් අය වැයෙන් වැඩි කළ බද්ද ඉවත් කර නොගතහොත් සති දෙකක්‌ ඇතුළත දැවැන්ත විරෝධතාවක්‌ දක්‌වන බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසයි.

මුදල් ඇමතිවරයා පෞද්ගලික බස්‌ කර්මාන්තයට හා පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් බදු පැනවීමට කටයුතු කිරීමට පෙර පෞද්ගලික ප්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා නොකළ බවටද හෙතෙම චෝදනා කරයි.

රජයේ වාහනවලට කිසිදු දුම් සහතිකයක්‌ ලබා නොගෙන දුම් සහතික බද්ද රුපියල් 5000 ක්‌ද, වාහන හිමිකාරත්ව බද්ද බස්‌ රථවලට 10,000 ක්‌ සහ මෝටර් රථවලට රුපියල් 15000 ක්‌ ලෙස වැඩිකිරීම මහත් අසාධාරණ බවද හෙතෙම පැවසී ය.

මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද (23) මුදල් ඇමතිවරයා වෙත ලිපියක්‌ භාරදෙන බවත් එයට නිසි ප්‍රතිචාරයක්‌ නොලැබුණහොත් විවිධ සංවිධාන සහ සංගම් එකතු කරගෙන සති දෙකක්‌ ඇතුළත දැවැන්ත විරෝධතාවක්‌ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද කී ඒ මහතා සමස්‌ත අයවැය දෙස බැලීමේදී එය ප්‍රෝඩාකාරී අයවැයක්‌ ලෙස පෙනී යන බවද වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)