May 17, 2024

අරක්කු මිල ඉහළට 

November 22, 2015

අරක්කු (තල්/පොල්/පදම් කළ) සම්මත සැර ලීටරයක මිල රුපියල් 1,595/- සිට රු.1,850/- දක්වා රු.255/- කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට නිෂ්පාදනය කරන විදේශීය ස්ප්‍රීතු සම්මත ලීටරයක් රු.1,860/- සිට රු.2,030/- දක්වා රු.170/- කින් ඉහළ දමා තිබේ.

මීට අමතරව සැර 5%ට අඩු බීර සම්මත ලීටරයක් රු.190/- සිට 160/- දක්වා රු.30/- කින් පහත දමා ඇති අතර සැර 5%ට වැඩි බීර ලීටරයක් රු.245/- සිට 315/- දක්වා රු.70/- කින් ඉහළ දමා ඇත.

 2015 නොවැම්බර් 20 මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක බව ද මුදල් අමාත්‍යාංශය කියයි.

 

Rate this item
(0 votes)