May 20, 2024

ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට එන ලෙස දන්වා උතුරේ පෝස්ටර් ව්‍යාපාරයක් (PHOTOS)

November 21, 2015

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරෙන නොවැම්බර් 26 වෙනිදාත්, එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය යෙදී තිබෙන නොවැම්බර් 27 වෙනිදාත්, උත්සවශ්‍රීයෙන් එම දින සැමරීමට සහභාගීවන ලෙස ඉල්ලමින් වවුනියාව ඇතුළු උතුරේ ප්‍රදේශ කීපයක ඊයේ (20) පෝස්ටර් අලවා තිබූ බව අප වාර්තාකරු සඳහන් කරයි.

දෙමළ විමුක්ති කොටි සංවිධානය නමින් එම පෝස්ටර් පොදු ස්ථානවල එක පෙළට අලවා තිබුණ ද අලවන ලද පෝස්ටර් කිසිවක් පොලීසියට හමු නොවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 

එසේ පෝස්ටර් ඇලවීම නීති විරෝධී ක්‍රියාවක් බවත් පොලීසිය එවැනි පෝස්ටර් දුටුවේ නම් මුලින්ම ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරයි. 

ත්‍රස්තවාදී නායකයෙකු සැමරීමට කිසිදු ප්‍රසිද්ධ ස්ථානයක කුමන අන්දමක හෝ උත්සවයක් පැවැත්වීමට නීතියෙන් ඉඩක් නොමැති බවත් තහනම් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් කවර අන්දමක හෝ සැමරීමක් සිදු කළ නොහැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

මෙසේ නීතිවිරෝධී කටයුතුවල නිරතවන පිරිස් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කිරීමට පොලීසිය ක්‍රියා කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටී.

දිනසේන රතුගමගේ

 

Rate this item
(1 Vote)