May 20, 2024

රට ඉදිරියට ගෙනයාමට අයවැය අසමත් - අනුර කුමාර

November 21, 2015

මෙවර අයවැයේ ආර්ථික උපාය මාර්ග ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට කිසිසේත් සමත් නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. 

මෙම අයවැයෙන් පෙන්නුම් කර ඇත්තේ නව රජයේ ආර්ථික උපාය මාර්ග බවත් ඒවා කිසිසේත්ම අලුත් උපාය මාර්ගයන් නොවන බවත් ඔහු පවසයි.

"අපේ රටේ ඉඩම් වෙළෙඳපොළ, මූල්‍ය වෙළෙඳපොළ, පෞද්ගලික අංශ වෙත පැවරීම අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කිරීමට උත්සාහ කිරීම රාජ්‍ය සේවය කප්පාදු කර විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ආදී යෝජනාවලින් පෙන්නුම් කරන්නේ අපේ රට නිසි ආර්ථික උපාය මාර්ගයකට යොමු කිරීමට වර්තමාන රජය අසමත් බවයි" යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

Rate this item
(0 votes)