May 20, 2024

උතුරේ මන්ත්‍රීවරයෙක් පැහැරගෙන ලිපියකට බලෙන් අත්සන් අරන්

November 21, 2015

තමා ව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් බලෙන් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ලබා ගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත‍්‍රී ශිවක්කෝලුන්තු අකිලදාස් මහතා පවසයි.

ඉකුත් 16 වැනි දා රාති‍්‍රයේ නිවසේ සිටිය දී තමන් කිසියම් කණ්ඩායමක් විසින් බලෙන් රැගෙන ගොස් තර්ජනය කොට ඉල්ලා අස්වීමේ ලිපියකට බලෙන් අත්සන් ලබාගත් බව හෙතෙම පෙන්වා ප්‍රකාශ කරයි.

පැහැරගත් අදාළ කණ්ඩාම තුළ යාපනය දිස්ති‍්‍රක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන් මහතා සහ ඔහුගේ පියා ද සිටි බව ඒ සම්බන්ධයෙන් අදාල පුද්ගලයින්ට එරෙහිව තමන් නෙල්ලිඅඩි පොලීසිය වෙත පැමිණිලක් දමා ඇති බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

උතුරු පළාත් සභා විපක්ෂ මන්ත‍්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් මන්තී‍්‍රවරයාගේ නමින් යුතු ඉල්ලා අස්වීමේ ලිපියක් තමන් වෙත ලැබි ඇති අතර, අදාළ කාරණය සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයාගෙන් විමසා බැලීමට නියමිත බව උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ. ශිවඥානම් මහතා සඳහන් කරයි.

උතුරු පළාත් සභා විපක්ෂ මන්ත‍්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් මන්තී‍්‍රවරයා පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබි ඇති අතර, අදාළ කාරණය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනය නෙල්ලිඅඩි පොලීසියෙන් විමසීමේ දී පොලීසිය පැවසී ය.

වන්නි රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2015 10:32