May 20, 2024

අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල පහළට - ගෑස් මිලත් අඩුවෙයි

November 20, 2015

අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී අයවැය ඉදිරිපත් කරමින් පැවසී ය.

අර්තාපල් සඳහා විශේෂ වෙළදපොල බද්ධ කිලෝ ග්‍රෑමයට රුපියල් 25කින් අඩුකරන බවත් ඒ අනුව රුපියල් 75-85ක් පමණ මිලදී ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 125 දක්වා පහලට, භූමිතෙල් මිල රුපියල් 10 කින් පහලට, 12.5KG- ගෑස් 150කින් අඩුවෙයි, කඩල කිලෝවක් 160 මිලක්, පරිප්පු කිලෝවක මිල රුපියල් 169 කින් පහලට, ළදරු කිරිපිටි මිල රුපියල් 100 කින් අඩුකරයි, හාල් මැස්සන් කිලෝවක උපරිම මිළ රුපියල් 418 ක් ලෙස යෝජනා කෙරේ.

කට්ට කරවල කිලෝ එක උපරිම සිල්ලර මිල රුපියල් 1100 ක්ද, සාලයා කිලෝවක උපරිම සිල්ල මිල රුපියල් 425 කට නියම කරන බව අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2015 11:46