May 20, 2024

ඇවන්ගාඩ් සභාපති අසනීප වෙයි  

November 20, 2015

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරු රෝහලක දී ශල්‍ය කර්මයකට ලක් කර ඇති බව කියමින් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (20) බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති පරීකෂණ කොමිසම හමුවට නොපැමිණියේ ය.

රෝගී තත්ත්වයෙන් පසුවන නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරු රෝහලක දී ශල්‍ය කර්මයකට ලක් කොට ඇති බවත් මේ තත්ත්වය අනුව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම කර ඇති දැනුම් දීම අනුව ඔහුට කොමිසමට පැමිණීමට හැකියාවක් නොමැති බවත් නීතීඥවරයකු මගින් සේනාධිපති මහතා කොමිසමට දැනුම් දී තිබේ.

යුද හමුදාවට අයත් ගිනි අවි සහ පතුරම් ඔහුගේ සමාගමට  විකුණන ලදැයි කියන සිද්ධියක් පිළිබඳ ප‍්‍රකාශයක් ලබා ගැනීම ඔහු කැඳවීමට කොමිසම නියෝග කළේ ය.

Rate this item
(0 votes)