May 20, 2024

මාලඹේට තවත් විශ්වවිද්‍යාලයක් - සරසවි සිසුන්ට ලැප්ටොප් ගන්න ණය මුදලක්  

November 20, 2015

මාලඹේ මහපොළ විශ්වවිද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් ඇති කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් පැවසීය.

මේ සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන් කරන බවත් කිලනොච්චියේ ඉංජිනේරු විද්‍යා පීඨයක් හා වව්නියාවේ කෘෂිකර්ම පීඨයක් ඇති කිරීමට යෝජනා කරන බවත් අමාත්‍යවරයා පැවසී ය. 

‘විශ්ව විද්‍යාල ප්‍රතිපාදනය සඳහා 15%කින් ආයෝජන වැඩිකරනවා. තාක්ෂණවේදී උපාධි පිරිනැමීමට හා අවශ්‍ය මානව සම්පත් හා උපකරණ ලබාදී පීඨයන් ශක්තිමත් කරනවා. 2018 වසර වන විට සියලු සරසවි සිසුන්ට මුළු අධ්‍යයන කාලය තුළම නේවාසිකාගාර පහසුකම් ලබාදෙනවා‘ යැයිද හෙතෙම සඳහන් කළේය.

මේ අතර විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට අවුරුදු තුනක් සඳහා ණය ලබාදීමටද අයවැය මගින් යෝජනා කර තිබේ.

Rate this item
(0 votes)