May 20, 2024

2016 අයවැය යෝජනාවලියට කැබිනට් අනුමැතිය

November 20, 2015

2016 අයවැය යෝජනාවලියට කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මෙම කැබිනට් අනු කමිටුව අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටු සාමාජිකයින්ගේ නම් අද ප්‍රකාශයට පත් විය.

මෙම කමිටුවට සාමාජිකයින් 11 දෙනෙකු ඇතුළත් වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවේ ප්‍රධානත්වය දරණ අතර විජයදාස රාජපක්ෂ, ඩි.එම්. ස්වාමිනාදන්, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම, රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක සහ මනෝ ගනේෂන් යන මහත්වරු මෙම අනු කමිටුවට ඇතුළත් වෙති.

Rate this item
(0 votes)