May 20, 2024

මහින්දට ජනපති කොමිසමෙන් නැවතත් කැඳවීමක්

November 20, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළි දෙසැම්බර් මස 17 සහ 18 යන දිනයන්හි දි බරපතළ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපතිවරයා අද (20) පෙරවරුවේ ද එම කොමිසම හමුවට පැමිණියේ ය. මහින්ද රාජපක්ෂ මහතා පැය 03කට ආසන්න කාලයක් ජනාධිපති කොමිසමේ රැඳී සිටි බව වාර්තා වේ.

ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කළ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රූපවාහිනි නාලිකාවකට අයවිය යුතු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ය. 

Rate this item
(0 votes)