May 20, 2024

2016 - අයවැයට සියල්ල සූදානම්  

November 20, 2015

අයවැය 2016- විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම "අයවැය කථාව " අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.

පාර්ලිමේන්තුව අද (20) පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය. ඉන් අනතුරුව මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවද නියෝජ්‍ය මහලේකම්වරයා පැවසී ය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය 21 වෙනි දින සිට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා වෙන්කළ දින ගණන 9කි. දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 02 දින සවස 5.00ට සිදු කෙරේ. 

කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් 03 දින සිට ආරම්භ වන අතර ඒ සඳහ දින 15ක් වෙන් කර තිබේ. තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 19 දින ප.ව. 5.00ට සිදු කිරීමට නියමිතය.

"අයවැය කථාව " සජීවි විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න

Rate this item
(0 votes)
Last modified on Friday, 20 November 2015 14:03